විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන නෙළුව ලංකාගම ප්රදේශයට ගිය වෑන් රථයක් ප්රපාතයකට පෙරැලී යාමෙන් එක් අයෙක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූහ.
මියගොස් ඇත්තේ එහි ගමන්ගත් වයස අවරුදු 22 ප්රංශ ජාතිකයෙක තරුණ යෙකි. නෝර්වේ ජාතිකයෙක් සහ නෙදර්ලන්ත ජාතිකයෙක් ද තුවාල ලබා ඇත.
ඊයේ 26 පස්වරුවේ ලංකාගම කොලොන්කොටුව ප්රදේශයේ දී සංචාරකයන් රැගත් වෑන් රිය ප්රපාතයට පෙරැලී ඇත. තුවාලකරුවන් නෙළුව රෝහලට ඇතුලත් කර ඇත.
මියගිය අයගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නෙළුව රෝහලේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධව නෙළුව පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි .